Selector එකක් යනු ඔබට ශෛලිය( Style) කිරීමට අවශ්‍ය HTML අංගය තෝරා දෙන පදය වේ.
Declaration වාරණය තුල Declaration එකක් හෝ Declaration කිහිපයක් අඩංගු වේ.
සෑම Declaration එකකටම Property name එකක් හා අගයක් ඇතුළත් වේ.
CSS උදාහරණයක්
CSS Declaration එකක් සෑම විටම, " ; " න් අවසන් වන අතර Declaration සියල්ල "{ ... }" මගින් වට කර ඇත.
p {color:red;text-align:center;}
CSS කේතය වඩා පහසුවෙන් කියවිය හැකි කිරීම සඳහා, ඔබ විසින් එක් එක් කේත ඛණ්ඩය බැගින් ලිවිය යුතුය.
p { color: red;
text-align: center;}
ඉහත සඳහන් උදාහරණය තුළ සියලු <p> අංග වල ඇති අකුරු රතු පැහැයෙන් වර්ණ ගැන්වෙන අතර, අකුරු සියල්ල තිරයේ මධ්‍යයට එකෙල්ල කරනු ලැබේ.
CSS තුල ඔබේ අදහස් ලිවීම
CSS තුල දී ඔබේඅදහස් මගින් ඔබේ කේතය පැහැදිලි කිරීමට ඉඩ සලසන අතර ඔබ පසු දිනයක මෙම කේත සංස්කරණය විට ඔබට එය උදව් වන්නට පුළුවන්. මෙම අදහස් වෙබ් අතිරික්සුව විසින් නොසලකා හරිනු ඇත.
CSS තුල ඔබේ අදහස් ලිවීම / * සමග ආරම්භ කර * / සමග අවසන් කල යුතුය. අදහස් පේලි කිහිපයක් ලෙසද සටහන් කල හැකිය.
p { color: red;
/* This is a single-line comment */
text-align: center; }
/* This is
a multi-line
comment */උත්සාහා කර බැලීමට මෙතනට කොටන්න
No comments:
Post a Comment