Thursday, February 26, 2015

PHP 5 PC එකට දාගමු

PHP Pc එකට දාගන්න ඔබ කළ යුත්තේ කුමක්ද?

PHP භාවිතය ආරම්භ කිරීම සඳහා ඔබ පලමුව,

PHP සහ MySQL සහය දක්වන සමග වෙබ් සත්කාරකයක් (Web server එකක්) සොයාගන්න.

ඒ සදහා මම ඔබට XAMPP Server එක නිර්දේශ කරනවා.

Download XAMPP


Download කර ගත් XAMPP සාමාන්‍ය පරිදි ස්ථාපනය කර ගන්න.

ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.


  • Download වූ exe ගොනුව විවෘත කරන්න.



  • පහත ආකාරයට සැකසුම් සකසා Next යන්න ක්ලික් කරන්න.





















  • ස්ථානගතවීම හමාර වූ පසු Finish යන්න ක්ලික් කරන්න.


  • ඔබගේ පරිගනකයේ C:\ පාටිශනය තුල ඇති xampp නම් ගොනුව විවෘත කර ගන්න.


  • ඒ තුල ඇති htdocs නම් ගොනුව විවෘත කරගෙන එය තුල ඔබේ නමින් ගොනුවක් සකසන්න.



  • දැන් ඔබේ නම ඇති ගොනුව ඉතිරි වන සේ එහි ඇති ඉතිරි ගොනු සියල්ල මකා දමන්න.

සටහන - ඔබ සාදන සෑම PHP ගොනුවක්ම ඔබ මෙහි පමණක් තැන්පත් කල යුතුය.

  • දැන් XAMPP Control පැනලයේ ඇති Apache නම් සර්වරය විවෘත කර ගන්න.


  • දැන් ඔබේ වෙබ් අතිරික්සුවට ගොස් localhost ලෙස ටයිප් කර එන්ටර් ඔබන්න. නැතහොත් XAMPP Control පැනලයේ ඇති Apacheට අදාල Admin නම් බටනය ඔබන්න.


එවිට පහත ආකාරයට වෙබ් අතිරික්සුවේ පෙන්වනු ඇත.

ඔබගේ මෙහි පෙන්වනු ඇත්තේ එක් ගොනුවක් පමණකි.


වැදගත්.....

  • ඔබගේ සර්වරය PHP සඳහා සහය සක්‍රිය කර තිබේ නම් ඔබට වෙනත් මෘදුකාංග අවැසි නැත.
  • ඔබ PHP සදහා වෙනත් කිසිම දෙයක් සම්පාදනය කිරීම හෝ කිසිදු අමතර මෙවලම් ස්ථාපනය කිරීම අවශ්‍යය නැහැ.
  • PHP නොමිලේ නිසා, බොහෝ වෙබ් සත්කාරක, PHP  සදහා සහයෝගය ලබා දෙනවා.





No comments:

Post a Comment