Wednesday, February 25, 2015

CSS හදුනාගනිමු...

CSS ඉගනගැනීමට ඔබ මේ වන විටත් දැනගත යුතු දේ

ඔබ CSS පාඩම් මාලාවේ ඉදිරියට යාමට පෙර ඔබට පහත සඳහන් දේවල් පිළිබදව මූලික අවබෝධයක් තිබිය යුතුය:

HTML
ඔබ මුලින්ම මේ විෂය අධ්‍යනය කිරීමට අවශ්‍ය නම්, අපේ HTML පාඩම් මාලාව වෙත යොමුවන්න.

CSS යනු කුමක්ද?

  • CSS යන්නෙහි තේරුම Cascading Style Sheets වේ.
  • CSS මගින් HTML අංග ප්‍රදර්ශනය කළ යුතු ආකාරය වෙබ් අතිරික්සුවට (Web browser) දක්වයි.
  •  HTML 4.0 සංස්කරණයට පසුව පැමිණි සංස්කරණ සදහා CSS සහය දක්වනු ලැබේ.
  • CSS මගින් බොහෝ වෙබ් සැකසුම් කටයුතු පහසුවෙන් සිදුකල හැකිය.
ලොකු ප්‍රශ්නෙකට ආපු පුංචි විසදුමක්

HTML ලේඛණයන් ආකෘතිකරණය සඳහා (හැඩ ගැන්වීම සදහා ) ටැග්ස් අඩංගු කිරීම අතීතයේදී සිදුවිය. නමුත් අන්තර්ගතයත් හැඩගැන්වීමත් යන දෙකම සදහ‍ා ටැග්ස් අඩංගු කිරීම නිසා HTML ලේඛණය සංකීර්ණ විය. 

<Font> වැනි ටැග්, හා වර්ණ ගුණාංග HTML 3.2 සංස්කරණයට එකතු කල විට, එය වෙබ් අඩවි සංවර්ධනය නවකයන් සඳහා නපුරු සිහිනයක් වෙන්න පටන් ගත්තා. අකුරු වර්ග හා වර්ණ තොරතුරු සෑම පිටුවට එක් වෙන වෙනම එක් කිරීමට සිදුවුනා. එහිදී විශාල වෙබ් අඩවි සංවර්ධනය, දීර්ඝ හා මිල අධික ක්‍රියාවලියක් බවට පත් වුනා.

මෙම ගැටලුව විසඳීම සඳහා, World Wide Web මූල්‍යායතනය (W3C) CSS නිර්මාණය කළේය.

HTML 4.0 සංස්කරණයේදී, සියලු හැඩතල ගැන්වීම් HTML ලේඛණයෙන් ඉවත් කළ හැකි හා වෙනම CSS ගොනු වල ගබඩා කල හැකි ආකාරයට CSS සංවර්ධනය වී තිබුනා.

අඩු කරයි වැඩ වැඩි කරයි හැඩ

CSS  ගොනුවක් සාමාන්‍යයෙන් " .css " ගොනු දිගුව සහිතව සුරැකනු ලබයි.

ප්‍රධාන වශයෙන් CSS ආකාර තුනකට HTML ලේඛණයක් හා සම්බන්ධ කල හැකිය.
  • Inline CSS  (HTML ටැග්ස් තුල)
  • Internal CSS  (HTML ලේඛණයේ <head> හා </head> ටැග්ස් අතර)
  • External CSS  (වෙනමම CSS ලේඛණයක් ලෙස)

No comments:

Post a Comment