HTML මගින් ඔබට ඔබේම වෙබ් අඩවිය නිර්මාණය කළ හැකිය.
මෙම පාඩම් මාලාව මගින් ඔබට HTML පිළිබඳ සෑම දෙයක්ම උගන්වනවා.
HTML ඉගෙන ගැනීමට පහසුය. නමුත් ඒ සදහා ඔබට උනන්දුව තිබිය යුතුමයි.......
HTML යනු වෙබ් ලේඛණ (වෙබ් පිටු) විස්තර කිරීම සඳහා යොදාගන්නා උපදෙස් මාලා සංස්කරණ භාෂාව වේ.
- HTML යන්නෙහි තේරුම Hyper Text Markup Language යන්නයි.
- මෙම භාෂාව Markup Tag මත ගොඩ නැගී ඇත.
- HTML ලිපි HTML ටැග් මගින් විස්තර කර ඇත.
- එක් එක් HTML ටැග් වෙනස් වෙනස් ආකාරයට අන්තර්ගතයට විස්තර කරයි.
HTML උදාහරණයක්
<!DOCTYPE html><html><head> <title>Page Title</title></head>
<body>
<h1>My First Heading</h1>
<p>My first paragraph.</p>
</body>
</html>
උදාහරණය පැහැදිළි කිරීම
<!DOCTYPE html> යන ටැග් එකෙන් මෙම HTML ලේඛණය කුමන HTML සංස්කරණයකට අයත් දැයි පැහැදිලි කරනු ලබයි. මෙය අනිවාර්ය නොවූවත් සමහර HTML Tag හදුනාගැනීම සදහා මෙය අනිවාර්ය වේ.
<html> හා </html> යන ටැග් අතර HTML ලේඛණය විස්තර කරයි.
<head> හා </head> යන ටැග් අතර HTML ලේඛණයට අදාල තොරතුරු විස්තර කරයි. මෙහි ඇති තොරතුරු මගින් වෙබ් අතිරික්සුව (Web Browser) HTML ලේඛණය හැඩගස්වා ගනී.
<title> හා </title> යන ටැග් අතර වෙබ් පිටුවේ මාතෘකාව කුමක්දැයි පහදා දෙනු ලබයි.
<body> හා </body> යන ටැග් අතර වෙබ් පිටුවේ දෘශ්‍ය අංතර්ගතය විස්තර කරනු ලබයි.
වෙබ් පිටුව තුල මාතෘකාවක් පෙන්වීමට <h1> හා </h1> යන ටැග් අතර මාතෘකාව ලියනු ලබයි. මෙම ටැග් වර්ග 6ක් ඇත. ඒ <h1> සිට <h6> දක්වා වේ.
<p> හා </p> යන ටැග් අතර ඔබට පෙන්වීමට අවශ්‍යය ඡේද සටහන් කරනු ලබයි.
HTML ටැග්
HTML ටැග් යනු HTML භාෂාවේ ඇති Keyword (හදුන්වාදීම් පද) වේ. මේවා ලියනු ලබනුයේ " < > " තුල වේ.
<tagname> අන්තර්ගතය </ tagname>HTML ටැග් සාමාන්‍යයෙන් යුගල් වශයෙන් පවතී. උදාහරණ ලෙස <p>..........</p> ගත හැකිය.
මෙම යුගලයේ ඇති පලමු ටැගය ආරම්භක ටැගය (Opening Tag) වන අතර දෙවැන්න අවසාන ටැගය (Closing Tag) වේ.
මෙම අවසාන ටැගය ආරම්භක ටැගයට සමාන වන නමුත්, එහි ටැග් නාමයේ මුලට " / " යොදා ඇත.
මෙම ආරම්භක ටැගය opening tag ලෙසත් , අවසාන ටැගය Closing Tag ලෙසත් ව්‍යවහාර කරනු ලැබේ.
වෙබ් අතිරික්සුව (Web Browser)
වෙබ් අතිරික්සුවක අරමුණ වන්නේ HTML ලේඛණයන් කියවා ඒවා ප්‍රදර්ශනය කිරීමයි. වෙබ් අතිරික්සු වලට උදාහරණ ලෙස Chrome, IE, Firefox, Safari ගත හැකිය.
වෙබ් අතිරික්සුව තුල HTML ටැග් ප්‍රදර්ශනය නොකරන අතර ඒවා මගින් HTML ලේඛණයේ අංතර්ගතය ප්‍රදර්ශනය කරන ආකාරය තීරණය කරනු ලබයි.
HTML පිටු සැකැස්ම
පහත ඡායාරූපය මගින් HTML ලේඛණයක පොදු සැලැස්ම පෙන්වනු ලබයි.
HTML5 සංස්කරණ සදහා <!DOCTYPE html> ලෙසත්
(මෙහි ඇති <Body> තුල ඇති ප්‍රදේශය පමණක් web browser එක තුල පෙන්වනු ලබයි.)
<!DOCTYPE> ටැගය
මෙම ටැගය නිවැරදිව පැහැදිලි ලෙස වෙබ් පිටුව දර්ශනය කිරීමට වෙබ් අතිරික්සුවට උපකාර කරයි.
HTML භාෂාව විවිධ සංස්කරණ කිහිපයකින් යුක්තය. HTML ලේඛණය ලිවීමට කුමන HTML සංස්කරණය භාවිතා කර ඇද්දැයි වෙබ් අතිරික්සුවට දැන්වීමට මෙම ටැගය භාවිතා කරයි.
HTML 4.01 සංස්කරණ සදහා
<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN" "http://www.w3.org/TR/html4/loose.dtd"> ලෙසත්
XHTML 1.0 සංස්කරණ සදහා
<!DOCTYPE html PUBLIC "-//W3C//DTD XHTML 1.0 Transitional//EN" "http://www.w3.org/TR/xhtml1/DTD/xhtml1-transitional.dtd"> ලෙසත්
මෙම ටැගය භාවිතා කරයි.
HTML සංස්කරණ
No comments:
Post a Comment