Thursday, February 26, 2015

SQL Syntax

දත්ත සමුදාය වගු ( Database Tables )

එක් දත්ත සමුදායක් තුල බොහෝ විට වගු එකක් හෝ කිහිපයක් අඩංගු වේ. එක් එක් වගුව එයට අනන්‍ය වූ නමකින්  (උදා: "Customers" හෝ "Orders") හඳුනාගනු ඇත. වගුවක් තුල දත්ත සමඟ වාර්තා අඩංගු වේ.

මෙතැන සිට උදාහරණ සදහා පහත දක්වා ඇති "Customers" වගුව භාවිතා කරනු ලබයි.


ඉහත වගුවේ වාර්තා 5ක් (එක් එක් පාරිභෝගිකයා සඳහා එක් වාර්තාවක් ලෙස ) සහ තීරු 7ක් (CustomerID, CustomerName, ContactName,  Address, City, PostalCode, සහ Country) අඩංගු වේ.

SQL Statements

ඔබට දත්ත සමුදාය මත සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාවන් SQL Statements මගින් සිදු කරනු ලැබේ.

පහත දැක්වෙන SQL Statements මගින්  "Customers" වගුවේ සෑම වාර්තාවක්ම තෝරා පෙන්වනු ලබයි.
SELECT * FROM Customers;
ඔබම උත්සාහා කර බැලීමට මෙතනට කොටන්න

මෙම පාඩම් මාලාව තුළ අප විවිධ SQL Statements  ගැන ඔබට සියල්ල උගන්වනු ඇත.

මේ ගැන මතක තබාගන්න ...

SQL අකුරු වලට සංවේදී නොවේ. select හා SELECT සමාන වචන ලෙස SQL හදුනාගනී.

මෙම පාඩම් මාලාව තුළදී අප සියලුම SQL Command ලිවීමට කැපිටල් (Upper Case Letter) භාවිතා කරනු ඇත.

SQL ප්‍රකාශනක අන්තිමට " ; " අවශ්‍යමද??

සමහර දත්ත සමුදායන් සමග වැඩ කිරීමේදී එක් එක් SQL ප්‍රකාශනයන් අවසානයේ තිත් කොමාව අවශ්‍ය වේ.
එහෙත් තනි SQL ප්‍රකාශ ලිවීමේදී  තිත් කොමාව සටහන් නොකර දත්ත සමුදායත් සමග ගනු දෙනු කිරීම SQL ප්‍රකාශ ලිවීමේ සම්මත ක්‍රමයකි.

නමුත් මෙම පාඩම් මාලාවේදී, අපි එක් එක් SQL ප්‍රකාශය අවසානයේ තිත් කොමාව භාවිතා කරනු ඇත. ඔබද එලෙස කිරීමට හුරුවන්න.

වඩාත්ම වැදගත් SQL විධාන කිහිපයක්


  • SELECT -  පරිගණක දත්ත ගබඩාවෙන් දත්ත තේරීම සදහා භාවිතා කරයි
  • UPDATE -  පරිගණක දත්ත ගබඩාවේ ඇති දත්ත යාවත්කාලීන කිරීම සදහා භාවිතා කරයි
  • DELETE -  පරිගණක දත්ත ගබඩාවේ ඇති දත්ත මකා දැමීම සදහා භාවිතා කරයි
  • INSERT INTO - පරිගණක දත්ත ගබඩාවට නව දත්ත ඇතුල් කිරීම සදහා භාවිතා කරයි
  • CREATE DATABASE - නව දත්ත සමුදායක් නිර්මාණය කිරීම සදහා භාවිතා කරයි
  • ALTER DATABASE - පරිගණක දත්ත ගබඩාවට වෙනස් කිරීම හෝ නවීකරණය කිරීම සදහා භාවිතා කරයි
  • CREATE TABLE - නව දත්ත වගුවක් නිර්මාණය සදහා භාවිතා කරයි
  • ALTER TABLE - පවතින දත්ත වගුවක් වෙනස් කිරීම හෝ නවීකරණය කිරීම සදහා භාවිතා කරයි
  • DROP TABLE - පවතින දත්ත වගුවක් මකා දැමීම සදහා භාවිතා කරයි


PHP 5 PC එකට දාගමු

PHP Pc එකට දාගන්න ඔබ කළ යුත්තේ කුමක්ද?

PHP භාවිතය ආරම්භ කිරීම සඳහා ඔබ පලමුව,

PHP සහ MySQL සහය දක්වන සමග වෙබ් සත්කාරකයක් (Web server එකක්) සොයාගන්න.

ඒ සදහා මම ඔබට XAMPP Server එක නිර්දේශ කරනවා.

Download XAMPP


Download කර ගත් XAMPP සාමාන්‍ය පරිදි ස්ථාපනය කර ගන්න.

ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.


  • Download වූ exe ගොනුව විවෘත කරන්න.



  • පහත ආකාරයට සැකසුම් සකසා Next යන්න ක්ලික් කරන්න.





















  • ස්ථානගතවීම හමාර වූ පසු Finish යන්න ක්ලික් කරන්න.


  • ඔබගේ පරිගනකයේ C:\ පාටිශනය තුල ඇති xampp නම් ගොනුව විවෘත කර ගන්න.


  • ඒ තුල ඇති htdocs නම් ගොනුව විවෘත කරගෙන එය තුල ඔබේ නමින් ගොනුවක් සකසන්න.



  • දැන් ඔබේ නම ඇති ගොනුව ඉතිරි වන සේ එහි ඇති ඉතිරි ගොනු සියල්ල මකා දමන්න.

සටහන - ඔබ සාදන සෑම PHP ගොනුවක්ම ඔබ මෙහි පමණක් තැන්පත් කල යුතුය.

  • දැන් XAMPP Control පැනලයේ ඇති Apache නම් සර්වරය විවෘත කර ගන්න.


  • දැන් ඔබේ වෙබ් අතිරික්සුවට ගොස් localhost ලෙස ටයිප් කර එන්ටර් ඔබන්න. නැතහොත් XAMPP Control පැනලයේ ඇති Apacheට අදාල Admin නම් බටනය ඔබන්න.


එවිට පහත ආකාරයට වෙබ් අතිරික්සුවේ පෙන්වනු ඇත.

ඔබගේ මෙහි පෙන්වනු ඇත්තේ එක් ගොනුවක් පමණකි.


වැදගත්.....

  • ඔබගේ සර්වරය PHP සඳහා සහය සක්‍රිය කර තිබේ නම් ඔබට වෙනත් මෘදුකාංග අවැසි නැත.
  • ඔබ PHP සදහා වෙනත් කිසිම දෙයක් සම්පාදනය කිරීම හෝ කිසිදු අමතර මෙවලම් ස්ථාපනය කිරීම අවශ්‍යය නැහැ.
  • PHP නොමිලේ නිසා, බොහෝ වෙබ් සත්කාරක, PHP  සදහා සහයෝගය ලබා දෙනවා.





CSS Syntax

Css භාෂාව selector හා declaration මත පදනම්ව ක්‍රියා කරයි.











Selector එකක් යනු ඔබට ශෛලිය( Style) කිරීමට අවශ්‍ය HTML අංගය තෝරා දෙන පදය වේ. 

Declaration ‍වාරණය තුල Declaration ‍ එකක් හෝ Declaration ‍කිහිපයක් අඩංගු වේ.‍

සෑම Declaration ‍ එකකටම Property name එකක් හා අගයක් ඇතුළත් වේ.


CSS උදාහරණයක්

CSS Declaration එකක් සෑම විටම, " ; " න් අවසන් වන අතර Declaration සියල්ල "{ ... }" මගින් වට කර ඇත.
p {color:red;text-align:center;}
CSS කේතය වඩා පහසුවෙන් කියවිය හැකි කිරීම සඳහා, ඔබ විසින් එක් එක් කේත ඛණ්ඩය බැගින් ලිවිය යුතුය.

{    color: red;  
    text-align: center;}

ඉහත සඳහන් උදාහරණය තුළ සියලු <p> අංග වල ඇති අකුරු රතු පැහැයෙන් වර්ණ ගැන්වෙන අතර, අකුරු සියල්ල තිරයේ මධ්‍යයට එකෙල්ල කරනු ලැබේ.



CSS තුල ඔබේ අදහස් ලිවීම

CSS තුල දී ඔබේඅදහස් මගින් ඔබේ කේතය පැහැදිලි කිරීමට ඉඩ සලසන අතර ඔබ පසු දිනයක මෙම කේත සංස්කරණය විට ඔබට එය උදව් වන්නට පුළුවන්. මෙ‍ම අදහස් වෙබ් අතිරික්සුව විසින් නොසලකා හරිනු ඇත.

CSS තුල ඔබේ අදහස් ලිවීම  / * සමග ආරම්භ කර * / සමග අවසන් කල යුතුය. අදහස් පේලි කිහිපයක් ලෙසද සටහන් කල හැකිය.

{    color: red;  
    /* This is a single-line comment */  
    text-align: center; }
/* This is  
a multi-line  
comment */ 
 උත්සාහා කර බැලීමට මෙතනට කොටන්න

HTML කෝඩ් ලියන්නේ මොකේද?

නෝට්පෑඩ් වැනි ඕනෑම TextEditer එකක් භාවිතා කරමින් HTML ලියන්න පුළුවන්.
HTML වෘත්තීය කෝඩ් ලියන්නන් HTML කෝඩ් ලිවීමට පහත මෘදුකාංග භාවිතා කරනු ලබයි,
  • Adobe Dreamweaver
  • Microsoft Expression Web
  • CoffeeCup HTML Editor
  • Notpad ++
  • Netbeans වැනි IDE
කෙසේ වෙතත්, HTML ඉගෙන සඳහා අපි නෝට්පෑඩ් (Windows) හෝ TextEdit (MAC OS) වැනි පාඨ සකසනයක් නිර්දේශ කරමු.

සරල වදන් සංස්කාරක භාවිතා කර HTML ඉගෙන ගැනීම හොඳ ක්‍රමයක් බව අප විශ්වාස කරනවා.

නෝට්පෑඩ් වැන්නක් භාවිතා කර ඔබේ පළමු වෙබ් පිටුව නිර්මාණය කිරීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.


පියවර 1: Notepad එක විවෘත කර ගන්න

වින්ඩෝස් 7 හෝ පෙර සංස්කරණ වලදී නෝට්පෑඩ් විවෘත කිරීම සඳහා:

Start (පහළ ඔබේ තිරය මත වමේ) ක්ලික් කරන්න. All Programs  ක්ලික් කරන්න. Accessories ක්ලික් කරන්න. Notepad ක්ලික් කරන්න.

වින්ඩෝස් 8 හි නෝට්පෑඩ් විවෘත කිරීම සඳහා:

ආරම්භක තිරය (ඔබේ තිරය මත පතුලේ වම් කෙලවරේ ඇති window සංකේතය) විවෘත කරන්න. Notepad ලෙස ටයිප් කර Enter ඔබන්න.

පියවර 2: HTML කෝඩ් එකක් ලියන්න

විවෘත කර ගත් නෝට්පෑඩ් එකේ  HTML කෝඩ් එකක් ලියන්න හෝ පහත කෝඩ් එක පිටපත් කරගන්න.

<!DOCTYPE html><html><body>
<h1>My First Heading</h1>
<p>My first paragraph.</p>
</body></html>


පියවර 3:  HTML පිටුව සුරකින්න (ලියා ගත් HTML කෝඩ් එක Save කර ගමු)

ඔබේ පරිගණකය මත ගොනුව සුරකින්න අවශ්‍ය නම්,

Select > Save As මත ක්ලික් කරන්න.

ගොනුවේ නම ලෙස "index.html" හෝ .html සමග අවසන් වෙනත් ඕනෑම නමක් ලබා දෙන්න.

 HTML ගොනු සඳහා හොදම Encoding type එක වන්නේ UTF-8 යන්නයි.

ANSI Encoding type එක එක්සත් ජනපදය හා බටහිර යුරෝපීය රටවල භාෂා පමණක් ආවරණය කරයි.


පියවර 4:  HTML පිටුව ඔබගේ වෙබ් අතිරික්සුවෙන් විවෘත කරමු.

ඔබේ ප්‍රියතම වෙබ් අතිරික්සුවෙන් HTML ගොනුව විවෘත කරන්න. එහි ප්‍රතිඵලය බොහෝ විට පහත ආකාර විය හැකිය.



 සටහන - ගොනුව මත දෙවරක් ක්ලික් කිරීම මගින් වෙබ් අතිරික්සුවෙන් ගොනුවක් විවෘත නොවේ නම්, 
Right-Click කර Open With යන්නෙන් වෙබ් අතිරික්සුව තෝරා දෙන්න.