මේ උදාහරණ තුල ඔබ ඉගෙනගෙන නොගත් ටැග්ස් භාවිතා කරන්නේ නම් ඒ පිළිබදව දුක් වෙන්න එපා.
ඔබ ඊළඟ පාඩම්වලදී එ්වා ඉගෙන ගනු ඇත.HTML ලේඛණයන්
සියලුම HTML ලේඛණයන් <!DOCTYPE html> ප්‍රකාශය සමඟ ආරම්භ විය යුතුය.
HTML ලේඛණය <html> සමග ආරම්භ වී </html> සමග අවසාන වේ.
HTML ලේඛණයේ දෘශ්‍ය කොටස <body> සහ </ body> අතර ලියනු ලැබේ.
<!DOCTYPE html>
<html>
<body>
<h1>My First Heading</h1>
<p>My first paragraph.</p>
</body>
</html>උත්සාහා කර බැලීම සදහා මෙතනට කොටන්න
HTML මාතෘකා
HTML මාතෘකා <h1> සිට <h6> දක්වා එකිනෙකට වෙනස් අක්ෂර විශාලත්ව 6ක් උපයෝගී කරගෙන ලියනු ලබයි.
<h1>This is a heading</h1>
<h2>This is a heading</h2>
<h3>This is a heading</h3>උත්සාහා කර බැලීම සදහා මෙතනට කොටන්න
HTML ඡේද
HTML තුල ඡේද ලිවීම සදහා <p> ටැගය භාවිතා කරනු ලැබේ.
<p>This is a paragraph.</p>
<p>This is another paragraph.</p>උත්සාහා කර බැලීම සදහා මෙතනට කොටන්න
HTML සබැඳි ( link )
HTML තුල සබැඳියක් ඇති කිරීම සදහා <a> ටැගය භාවිතා කරනු ලැබේ.
<a href="http://programelang.blogspot.com/">This is a link</a>උත්සාහා කර බැලීම සදහා මෙතනට කොටන්න
HTML සබැඳියක් තුල විශේෂයෙන් href නම් උපලක්ෂණය භාවිතා කරයි.
මෙම උපලක්ෂණය මගින් එම HTML සබැඳිය කුමක් හා සබැදේ දැයි පහදා දෙනු ලබයි.
HTML පින්තූර
HTML ලේඛණයක් තුලට රූප ඇතුලත් කිරීමට <img> ටැගය භාවිතා කරනු ලැබේ.
මෙම <img> ටැගය සමග රූප මූලාශ්‍රය(රූපය තිබෙන තැන) src උපලක්ෂණය මගින්ද, විකල්ප පෙළ alt උපලක්ෂණය මගින්ද , සහ රූපයේ විශාලත්වය (පළල සහ උස) width හා height උපලක්ෂණ මගින්ද සපයනු ලැබේ:
<img src="my.jpg" alt="programelang's Image" width="104" height="142">උත්සාහා කර බැලීම සදහා මෙතනට කොටන්න
No comments:
Post a Comment