Monday, March 2, 2015

SQL SELECT Statement

මේ SELECT ප්‍රකාශය දත්ත සමුදායත් තුල ඇති දත්ත තෝරා ප්‍රදර්ශනය කිරීමට භාවිතා වේ.
දත්ත සමුදාය තුල ඇති දත්ත වලින් තේරූ කොටස ප්‍රතිඵල-මාලාවක් ලෙස එහි ප්‍රතිඵලය ලෙස ලැබෙනු ඇත.

SQL SELECT Syntax
SELECT column_name,column_name 
FROM table_name;
හෝ
SELECT * FROM table_name; 
 උදාහරණ දත්ත සමුදාය

මෙම පාඩම් මාලාව තුළ අප උදාහරණ සදහා  සුප්‍රසිද්ධ Northwind සාම්පල දත්තගබඩාව භාවිතා කරනු ලබනවා.

පහත දක්වා ඇති "Customers" දත්ත වගුව එයින් උපුටා ගත්තකි.
Column කිහිපයක් selects කිරීම සදහා

පහත දැක්වෙන SQL ප්‍රකාශය "Customers" දත්ත වගුව තුල ඇති "CustomerName" සහ "city" තීරු තෝරා ප්‍රදර්ශනය කරනු ලබයි:
SELECT CustomerName,City FROM Customers;
උත්සාහා කර බැලීමට මෙතනට කොටන්න

 SQL ප්‍රකාශයේ ප්‍රතිඵලය









සියළුම Columns select කිරීම සදහා

පහත දැක්වෙන SQL ප්රකාශය "Customers" දත්ත වගුව තුල ඇති සියලු තීරු තෝරා ප්‍රදර්ශනය කරනු ලබයි:
SELECT * FROM Customers;
උත්සාහා කර බැලීමට මෙතනට කොටන්න

* සලකුණ මගින් සියල්ලම යන්න අදහස් කරනු ලබයි.

SQL ප්‍රකාශයේ ප්‍රතිඵලය














මූලික HTML කේත

මේ උදාහරණ තුල ඔබ ඉගෙනගෙන නොගත් ටැග්ස් භාවිතා කරන්නේ නම් ඒ පිළිබදව දුක් වෙන්න එපා.
ඔබ ඊළඟ පාඩම්වලදී එ්වා ඉගෙන ගනු ඇත.

HTML ලේඛණයන්

සියලුම HTML ලේඛණයන් <!DOCTYPE html> ප්‍රකාශය සමඟ ආරම්භ විය යුතුය.
HTML ලේඛණය <html> සමග ආරම්භ වී </html> සමග අවසාන වේ.
HTML ලේඛණයේ දෘශ්‍ය කොටස <body> සහ </ body> අතර ලියනු ලැබේ.

<!DOCTYPE html> 
<html> 
<body> 
<h1>My First Heading</h1> 
<p>My first paragraph.</p>
</body> 
</html> 
උත්සාහා කර බැලීම සදහා මෙතනට කොටන්න

HTML මාතෘකා

 HTML මාතෘකා <h1> සිට <h6> දක්වා එකිනෙකට වෙනස් අක්ෂර විශාලත්ව 6ක් උපයෝගී කරගෙන ලියනු ලබයි.

<h1>This is a heading</h1> 
<h2>This is a heading</h2> 
<h3>This is a heading</h3> 
 උත්සාහා කර බැලීම සදහා මෙතනට කොටන්න

HTML ඡේද

HTML තුල ඡේද ලිවීම සදහා  <p> ටැගය භාවිතා කරනු ලැබේ.

<p>This is a paragraph.</p> 
<p>This is another paragraph.</p>
උත්සාහා කර බැලීම සදහා මෙතනට කොටන්න 

HTML සබැඳි ( link )

HTML තුල සබැඳියක් ඇති කිරීම සදහා  <a> ටැගය භාවිතා කරනු ලැබේ.

<a href="http://programelang.blogspot.com/">This is a link</a>
 උත්සාහා කර බැලීම සදහා මෙතනට කොටන්න

 HTML සබැඳියක් තුල විශේෂයෙන් href නම් උපලක්ෂණය භාවිතා කරයි.
මෙ‍ම උපලක්ෂණය මගින් එම HTML සබැඳිය කුමක් හා සබැදේ දැයි පහදා දෙනු ලබයි.

HTML පින්තූර

HTML ලේඛණයක් තුලට රූප ඇතුලත් කිරීමට <img> ටැගය භාවිතා කරනු ලැබේ.
මෙම <img> ටැගය සමග රූප මූලාශ්‍රය(රූපය තිබෙන තැන) src උපලක්ෂණය මගින්ද, විකල්ප පෙළ alt උපලක්ෂණය මගින්ද , සහ රූපයේ විශාලත්වය (පළල සහ උස) width හා height උපලක්ෂණ මගින්ද සපයනු ලැබේ:
<img src="my.jpg" alt="programelang's Image" width="104" height="142">
 උත්සාහා කර බැලීම සදහා මෙතනට කොටන්න